Image

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක්.!

මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බවත් පනත සංශෝධනය කළ වහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණ පනත ජනවාරි මාසය ඇතුළත සංශෝධනය කර දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම්දී ඇත.

මැතිවරණ පනත හැකි ඉක්මනින් සංශෝධනය කර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කළ අතර පළාත් පාලන ආයතන සදහා පෙර කැඳවු නාම යෝජනා අහෝසි කිරීමට රජය පසුගියද‍ා තීරණය කළේය.

TRENDING POST