Image

ඉන්දියාව රුපියල් බිලියන ගණනක මුදල් උතුරට පොම්ප කරයි.!

ඉන්දියාව සහ මෙරට අතර ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ මගින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතය.

එම ව්‍යාපෘතිය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම් යන අංශ කෙරෙහි අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වන අතර මේ යටතේ ව්‍යාපෘති 33ක් හඳුනාගෙන ඇත.

නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ එම පළාතේ ජනතාවගේ සමාජ සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණු ලෙස සඳහන් වේ.

ඒ අනුව අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 315ක්, සෞඛ්‍ය සඳහා රුපියල් මිලියන 780ක්, කෘෂිකර්මාන්තය සඳහා රුපියල් මිලියන 620ක්, ධීවර කර්මාන්තය සඳහා රුපියල් මිලියන 230ක් ඇතුළුව ව්‍යාපෘති 33ක් සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 2371ක පිරිනැමීමට බලාපොරොත්තු වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.