Image

“මේවා මීඩියා ෂෝ නෙවෙයි” පාතාලයට එරෙහිව රියල් වැඩක්.!

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙරට විශාල ගැටළුවක්ව පවතින පාතාල ක්‍රියාකාරකම් අවසන් කිරීම සඳහා ආරක්ෂ අංශ මේ සඳහා ක්‍රමානුකූලව මැදිහත් වෙමින් පවතින බවයි.

යළි හිස ඔසවමින් තිබෙන පාතාලය මර්දනය කිරීම සඳහා මේ වනවිටත් ඉතා ශූක්ෂම ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඒවා සති දෙකේ සති තුනේ මීඩියා ෂෝ නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට දැක ගැනීමට හැකිවනු ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් කතාකිරීම අනවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා 23 කොළඹ වේල්ලවීදිය ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයේ පැවති කමිටු රැස්වීමකදී මත්ද්‍රව්‍ය සහ පාතලය සම්බන්ධයෙන් පොලීසියට රතු නිවේදනයක් නිකුත් කළේය.

ඔහු පවසා සිටියේ මේ වනවිට මත්ද්‍රව්‍ය සහ පාතාලය ආරක්ෂා කිරීම වෙනුවෙන් දේශපාලණ මැදිහත්වීමක් නොමැති බැවින්, වහාම ක්‍රියත්මක වන පරිදි පොලීසිය ඊට එරෙහිව කටයුතු කළයුතු බවයි.

එහිදී අදහස් දැක්වූ වටගල මහතා,

“මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොලිස් ස්ථානාධිපතිවරු තමයි මේ මගෙ ඉස්සරහා ඉන්නේ, හැබැයි තමුන්නාන්සෙලට පුලුවන්කමක් නැත්තම් මේ දේශපාලන බැරියර් එක නැති වෙලාවක මේ මත්ද්‍රව්‍ය භාවිතාව අඩු කරලා අපිට වාර්ථාවක් දෙන්න එහෙනම් ගැටලුව තියෙන්නේ රජයේ නෙවේ පොලිස් දෙපාර්තමේන්තුව අතේ, ඒ නිසා මේකට වහාම මැදිහත්වෙන්න කියලා මම යෝජනා කරනවා”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.