Image

උපකාරක පන්ති චක්‍රලේඛය විසිවෙයි.!

පසුගියදා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා දිනයේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් නිකුත් කළ එම චක්‍රලේඛයෙන් දන්වා තිබුනේ, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් බවයි.

අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට කටයුතු කළ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.