Image

සෞඛ්‍ය සේවාවට යහපත් හෙටක්.. අමුතු දොස්තරගෙන් රැඩිකල් වැඩක්.!

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වු විශේෂ සමුළුවට එක්වෙමින් වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉතිහාසය පුරා දේශපාලකයෙකුගෙන් නොඇසූ ගණයේ උපදේශයක් නිලධාරීන් වෙත ලබාදුන්නේය.

අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ, මින් මතුවට මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සැලසුම් සහ කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට අනුව නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදුකිරීමට නිලධාරීන් කටයුතු කළයුතු බවයි.

එමෙන්ම සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයක් උදෙසා ප්‍රථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බව සිහිපත්කළ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේ, පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමණාකරණ ඒකකයක් ස්ථාපිත කිරිමට රජයේ අවධානය යොමු කර ඇති බවයි.

දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත් කිරීමට පියවර ගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, මෙරට ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරනා ප්‍රධාන ආයතන 4 ජනතාවට ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයිම පිළිබදව වගකීම බාරගත ගත යුතු බවද සිහිපත් කළේය.

එමෙන්ම පහසුකම් සහිත නවීකරණය කරන ලද විද්‍යාගාරයක් ඉදිරි වසර 5 තුල ඉදිකිරිමට රජය සැළසුම් කර ඇති බවට ද අමාත්‍යවරයා නිළධාරීන් දැනුවත් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.