Image

නව වසරේ සිට රජයේ පාසල් පවත්වන දින ගනන අඩුකරයි.!

වසරකට මෙරට රජයේ පාසල් සහ පිරිවෙන් පවත්වන සාමාන්‍ය දින ගණන 210ක් වන නමුත් එළඹෙන 2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙවර පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවීම සහ රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් පැවතීම මත මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

වඩාත් සුවිශේෂී කරුණ වනුයේ, 2025 සඳහා වන රජයේ නිවාඩු දින 26න් සති අන්තයේ යෙදී ඇත්තේ 4ක් පමණක් වන අතර සෙසු සියලු නිවාඩු දිනයන් සතියේ දිනවල යෙදී තිබීමයි.

ඒ අනුව 2025 වසර සඳහා වන පළමු පාසල් වාරය ජනවාරි මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

TRENDING POST