Image

මනූෂ රටින් පනී.!

විදේශ රැකියා ලබාදෙන බවට පවසමින් විශාල වශයෙන් මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ස්විස්ටර්ලන්තයට පැන ගොස් ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේදී එහි සිදුව ඇති රැකියා ජාවාරමක් පිළිබද ලැබී ඇති තොරතුරු මත පසුගියදා ඔහුගේ සහෝදරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කෙසේවෙතත් මනූෂ නානායක්කාර මහතා ස්විස්ටර්ලන්තයට ගොස් පසුව එහි සිට ප්‍රංශය වෙත ගොස් ඇති අතර ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාද එරටට ගෙන්වාගෙන ඇති බව පැවසේ.

මනුෂ නානායක්කාර මහතා ස්විස්ටර්ලන්තයේ පිරිසක් සමඟ සාදයකට සහභාගී වී සිටින ඡායාරූප කිහිපයක්ද සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

TRENDING POST