Image

රටේම පාසල් දරුවන් ගැන අගමැතිනිය දැඩි තීරණයක් ගනී.!

රටේ සිටින පාසල් දරුවන් පාසලෙන් ඈත් වීම පිළිබඳව සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

කුමන සමාජ, ආර්ථික හේතුවක් පදනම් කරගෙන හෝ දරුවන්ට අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොදිය යුතු බවත් පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට 13 වසරක පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය සදහා ඉඩ ප්‍රස්ථා සෑම දරුවෙකුටම විවර වී තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

වර්තමානයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති කාමර තුළ දරුවන්‍ රැඳී සිටින්නේ ඉතා අඩුවෙන් බවත් පිරිමි දරුවන් අධ්‍යාපන කටයුතු වලින් බොහෝදුරට ඈත්වෙමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

TRENDING POST