Image

මාලිමා මන්ත‍්‍රී මැදවච්චියේ වැසිකිලි ටෙන්ඩරයට අත දාලා.

ජාතික ජන බලවේගයේ මන්ත‍්‍රීවරයෙකු මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ වැසිකිලි ටෙන්ඩරයට අතගසා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විට එම ටෙන්ඩරය අත්හිටුවා ඇති බවත් තම හිතවතෙකුට එම ටෙන්ඩරය තම හිතවතෙකුට ලබාදීමට ආණ්ඩුකාරවරයාගේ නියෝගය ලැබෙන තුරු බලා සිටින බවද හෙතෙම කියා සිටියි.

එම පක්‍ෂයේ අය වැසිකිලි ටෙන්ඩරයෙන් පවා කොමිෂන් ගැසීමට උත්සාහ දරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

අනුරාධපුරේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

TRENDING POST