අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.
අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක්වී ඇති රෝගීන් 17 දෙනෙකුට පහත සදහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඒ අනුව රෝගීන් 12 දෙනෙකු සදහා රුපියල් 1,000,000/- බැගින් වන්දි ගෙවීම.
රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/- බැගින් වන්දි ගෙවීම.
එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/-ක වන්දියක් ගෙවීම.
රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/- බැගින් වන්දි ගෙවීම.

