ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරිමත් සමඟ ගාල්ල නගරයේ ප්‍රදර්ශනය කර තිබූ දැවැන්ත කටවුට් සහ ධජ අද (26) දහවල් ඉවත් කිරිමට පියවරගෙන තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (27) දිනයේ ගාල්ල නගර ශාලාවේ පැවැත්වෙන එක්ව ජයගමු රැලියට සහභාගි වීමට නියමිත අතර එම රැළිය වෙනුවෙන් මෙම සැරසිලි සිදුකොට තිබුණි.
මෙසේ නගරයේ වටරවුම්වල සහ මාර්ග දෙපස සවිකර තිබූ සියලු කටවුට් සහ බැනර් ඉවත් කර ගැනීමට අදාළ අංශ පියවර ගෙන තිබුණි.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම මෙම බැනර් සහ ධජ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ පාර්ශ්වයන් විසින්ම ඒවා ඉවත් කරගනු ලැබු බව මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයකු SL News අප කළ විමසුමකදි සදහන් කළේය.

