Image

සෝඩා බෝතලේ කැඩුවා වගේ මැජික් අපේ ආණ්ඩුවෙන් නෑ…! – නි. ඇමති අනිල් ජයන්ත

රට තුළ බලය හැසිරවීමේ දී ජාතික ජන බලවේගය ආණ්ඩුව නිවැරැදි පීල්ලේ ගමන් කරන අතර එම ගමන් මඟ වෙනස් කිරීමට විපක්ෂය උත්සාහ කරන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත පවසයි.

“ආණ්ඩුව සම්බන්ධයෙන් මහ ජනතාව තැබූ බලාපොරොත්තු බිඳවැටී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා. මහ ජනතාවට පුංචි ලොසින්ජරයක් දී විපක්ෂය ආණ්ඩු කළ ද වත්මන් ආණ්ඩුව යටතේ ජනතාව නොරවටා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදා කර දීමට පියවර ගන්නවා.

පාර්ලිමේන්තුව, ආණ්ඩුකරණය, සමාජය කියන්නේ මොකක්ද කියලා කරුණු ඉදිරිපත් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් අදහස් ඉදිරිපත් කළේ ව්‍යාපාරික මට්ටමෙන්. පාර්ලිමේන්තුව කියන්නෙත් ව්‍යාපාර කරන තැනක් බවට පෙන්වා දීමට ඒ මන්ත්‍රීවරයා උත්සාහ කළා. ඒ මන්ත්‍රීවරයා ආදායම වියදම ගැන ඉදිරිපත් කළ ඒ කරුණු වැරදියි. ව්‍යාපාර මට්ටමෙන් වැඩ කිරීම පාර්ලිමේන්තුව තුළ සිදු නොකළ යුතුයි.

දූෂිත ආර්ථික ක්‍රමවේදය මඟින් ජනතාව රවටා තිබෙනවා. සෝඩා බෝතලය කැඩුවා වගේ මැජික් අපේ ආණ්ඩුව තුළ බැලිය නොහැකියි. පුංචි විජ්ජාවකින් ආර්ථිකය හසුරුවන වෙනුවට විධිමත් ක්‍රමවේදයක් මඟින් ආර්ථිකය හැසිරවීමට අපි කටයුතු කරනවා”

සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.