Image

පොලීසියට වෙට්ටු දැම්මොත් දඩය 30,000යි.!

පොලිස් සංඥා නොතකමින් රියදුරු බලපත්‍රයක් නොමැතිව පොලිසියට වෙට්ටු දැමූ බාලවයස්කාර පැදිකරුට රුපියල් 30,000ක දඩ මුදලක් නියම කළ කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් එම බාලවයස්කරුට යතුරු පැදිය ලබා දෙමින් අනුබල දුන් මවට කඩිනමින් නඩු පවරන ලෙසට නියම කර ඇත.

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකාර බාලවයස්කරුවකුට එලෙස දඩ නියම කළ අතර එහිදී නඩුව කැඳවූ මුල් අවස්ථාවේ සැකකරුගේ වයස විමසූ මහෙස්ත්‍රාත්වරයා නඩුව පසුවට ගෙන සැකකාර බාලවයස්කාර රියැදුරා පරිවාස නිලධාරී වෙත යොමුකොට නැවත කැඳවන ලෙසටද නියම කළේය.

අනතුරුව එම බාලවයස්කාර සිසුවාගේ මවද අධිකරණය ඉදිරියට කැඳවා බලපත්‍රයක් නොමැති බාලවයස්කරුවකුට යතුරු පැදිය ලබාදීම සම්බන්ධව තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා රථවාහන නිලධාරීන් අමතා බලපත්‍ර නොමැති අයකුට රථ වාහන ලබාදීම සම්බන්ධව නඩු පවරන ලෙසට නියම කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.