බරපතළ මට්ටමක පැවැති සහල් ප්‍රශ්නය සැලකිය යුතු මට්ටමකට විසඳී ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ජනවාරි 01 වෙනිදා කිරිබත් කෑමට නොහැකි බව කී අයට ද පොංගල් දිනයට කිරිබත් කෑමට බැරි බව කී අයට ද කිරිබත් කන්න පුළුවන් යැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.
මේ වන විට නාඩු ප්‍රමාණවත් තරම් ඇති බවත් රතු සහල් හඟය ද ක්‍රමානුකූලව විසඳගෙන යන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.