Image

පසුගිය රජයේ තවත් වංචාවක්.. බෝ නොවන රෝග වලින් වැළකෙන්න smart youth night.!

2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ සහ බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් “smart youth night” ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත් ඒවා සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කරයි.

රට පාලනය කළ පසුගිය රජයේ Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත් එම ප්‍රසංග පවත්වා නොමැති බව විගණන විමසුමකදී හෙළි වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කරයි.

හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සදහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත් එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292ක් වියදම් කර ඇති බවත් හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700ක වියදමක් දරා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයකදී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සදහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක බවත් මෙම ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බවද මෙම වසරේ ජනවාරි (06) වෙනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

එහෙත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේදී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත් මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමි වී සතියකින් පසුව බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.