Image

රට පුරා සෑම කිලෝ මීටර 25කටම නවීන තාක්ෂණික වැසිකිළි හදනවා

2025 වසර යනු බිඳ වැටුණු මව්බිම ගොඩනගන වසරක් බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හසාරා ලියනගේ පවසයි.

රටේ බොහෝ ප්‍රදේශයන්හි කාන්තාවකට යාමට හෝ සංචාරකයන්ට භාවිතයට සුදුසු වැසිකිළි නොමැති බව ද ඇය පෙන්වා දෙයි.

ඒ අනුව ඉතා ඉක්මනින් රටේ සෑම කිලෝමීටර 25න් 25ට නවීන වැසිකිළි පද්ධති නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.

ගාල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවක දී ඇය මෙම අදහස් පල කළාය.

TRENDING POST