Image

විධිමත් වැඩපිළිවෙලක් අරඹනවා.. නියෝජ්‍ය ආරක්ෂක ඇමති.!

දිවි පිදු රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබ සාධනය හා පවතින ගැටළු විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් වැඩබලන ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.

මින් පෙර පැවති සාකච්ඡා වලදී එළඹි තීරණ වලට අනුව මේ දක්වා ලබාගෙන ඇති ක්‍රියා මාර්ග වල ප්‍රගතිය මෙන්ම රට දැය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල් සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමු විය. මෙම ගැටළු ඵලදායීව සහ කාර්යක්ෂමව විසඳීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක අවශ්‍යතාවය කමිටුව විසින් අවධාරණය කරනු ලැබීය.

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සුබ සාධනයට ප්‍රමුඛත්වය ලබා දෙන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කළේය. ඒ අනුව, ඵලදායී සහ තිරසාර විසඳුම් ලබාදීම සදහා පත් කරනු ලැබූ කමිටුවෙහි කැපවීම සාකච්ඡාවේදී යළිත් තහවුරු කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදාල කටයුතු වල ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ වත්මන් රජය මෙම රණවිරු පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් තුළින් ඔවුන්ගේ ජීවන යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටින බවයි.

TRENDING POST