පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඉදිරියේදි පාර්ලිමේන්තු කැන්ටිමෙන් මුදල් ගෙවා ආහාර ලබා ගන්නා ක්‍රමයක් ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
මැති ඇමැති වරප්‍රසාද ද සැලකිය යුතු මට්ටමකින් කප්පාදු කිරීමට තම ආණ්ඩුවට හැකි වු බවත් දුෂණයන් වැලැක්වීමට කටයුතු කරන ආණ්ඩුවක් නිර්මාණය කර තිබෙන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
දැනටමත් මැති ඇමැතිවරු පසුපස යන ආරක්ෂක රථ පෙළපාළි නවතා වියදම් අඩු කර පොලිස් නිලධාරීන් දෙපාර්තමේන්තුවට ආපසු ලබාදී ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළේ,
“පාර්ලිමේන්තුවේ කෑම එක ගන්නවානම් හරි ගාන ගෙවන්න ඕන. කෑම එකට යනවනම් රුපියල් 2,000ක්, 2,000 දෙන්න.. කමක් නැනේ.. ඒක අවුලක් නැනේ.. ඒක කරනවා.”
කළුතර කටුකුරුන්ද පැවති ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන්ගේ සුහද හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

