Image

ජනපතිගේ උපදෙස් ක්‍රියාත්මක වෙන්නේ නෑ.. අවසන් දිනය 31.. බලාගමු.!

වරාය තුළ කටයුතු සම්බන්ධයෙන් තමා සතුටු වන්නේ නැති බවත් ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව වරාය තුළ කටයුතු සිදුනොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

එම කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ජනවාරි (31) දක්වා බලන බවත් එහෙත් කරුවුරුත් දායක වෙන්නේ නැත්නම් රටට ඇත්ත කියන බව අමාත්‍ය බිමල් රත්නායක සදහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සදහන් කළේ,

“මම අවංකව පුද්ගලිකම සටතුවෙන්නේ නැහැ. මේ සතිය තුළදී ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව හැමදෙනාම ඒක කරනවා කියලා පෙන්නේ නැහැ. මම ඒක අවංකව කියන්න ඕනේ. පැය 24ම වැඩකරන්න කියලා කිව්වට සමහර අංගන අලුයම 3.20ට කලින් වැඩ නතරවෙනවා.

පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම ලෑස්ති කරලා ලොරි එනතුරු හිටියා. නමුත් ලොරි වරාය තුළ තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි බලාපොරොත්තු වුණා නැව් ආයතනවල පිරිස් ඇවිත් භාණ්ඩ නිදහස් කර ගනී කියලා ඒකට හොඳම සහයෝගයක් ලැබෙන්නේ නැහැ.

අපි දැක්කේ නෑ පුද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් එතරම්ම සහයෝගයක් ලැබෙනවා කියලා. ඒ නිසා ජනවාරි 31 දක්වා බලනවා. ඉතින් කරුවුරුත් දායක වෙන්නේ නැත්නම් රටට ඇත්ත කියනවා. ඒ නිසා ආණ්ඩුව කැපවෙනවා නම් අනිත් අය කැපවෙන්න ඕනේ.”

TRENDING POST