Image

මෙලොව එළිය දකින දරුවන් උපතින්ම ආබාධිතයි.. ඇග හිරිවැටෙන හෙළිදරව්ව.!

මෙරට වසරකට ඉපදෙන දෙලක්ෂ හැට දහසක් පමණ වන දරුවන් අතරින් 4000 සිට 5000 අතර පිරිසක් ආබාධයක් සහිතව උපදින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති කපිල ජයරත්න සදහන් කරයි.

ඒ අතරින් වැඩි ප්‍රමාණයක් හෘද රෝග හා පාදවල ආබාධ බවත් මුගුරු පාද රෝගය (Club Foot Disease) ඒ අතර බහුල බවත් එවැනි දරුවන් 400 සිට 500ක් අතර පිරිසක් වාර්ෂිකව මෙලොව එළිය දකින බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

දරුවකුගේ උපතේ සිට අවධානයෙන් සිටියහොත් මූලික අවධියේදීම මෙම රෝග හඳුනාගත හැකි බවත් අනතුරුව සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත පෙන්වීමෙන් ඒ වෛද්‍යවරයා දරුවා අදාළ සායනයකට යොමු කරනු ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

මුගුරු පාද රෝගය වැලඳුණු දරුවන් වැඩිහිටි වියට පත් වූ විට සැත්කම් මගින් පාදවල තත්ත්වය වෙනස් කිරීම වේදනා සහගත සහ අධික වියදම් සහිත බැවින් බිලිඳු වියේදීම ඉතා පහසුවෙන් ඒ වෙනුවෙන්ම සැකසූ සපත්තුවක් හෝ සෙරෙප්පුවක් මගින් රෝගය සුවකර ගත හැකි බව මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කරයි.

මුගුරු පාද රෝගය මූලික අවධියේදීම සුව කළ හැකි සායන ආරම්භ කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක සමාරම්භක අවස්ථාවේදී මේ බව සදහන් කළ අතර මෙම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්තානයේ හා නේපාලයේ විශේෂඥවරු සහභාගි වී සිටියේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.