Image

ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙක් වැලි වලින් මිලියන 400ක් ගහපු ගැහිල්ල හෙළිවෙයි.!

හලාවත වැලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ වංචා සහගත වැලි කැණීමේ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට වාර්තා වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කළේ,

“හලාවත වැලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ, දීපු ප්‍රමාණයට වඩා වැලි කැණීමක් සිදුවෙලා තියෙනවා. එමගින් විශාල වංචාවක් වුණ බවට වාර්තා වෙනවා. දැනට පරික්ෂණ මට්ටමේ සිදුවෙනවා. එම පරික්ෂණවලින් මූලිකව අපට වාර්තා වෙනවා.

රුපියල් මිලියන 400කට ආසන්න මුදලක් දූෂිත ගණුදෙනුවක්, වංචාවක් සිදුවුණ බව එම වංචාවේ අවසාන වගඋත්තරකරුවා කවුරුන්ද කියන්න බැරි වුණත් ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් වාර්තා වෙනවා. ඒ වගේම කොන්ත්‍රාත්කරුවෝ කිපදෙනක් සම්බන්ධයෙන් අපට වාර්තා වෙනවා.” 

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.