Image

සමෘද්ධිය අස්වැසුම ඇතුළු සහනාධාරවලට තිත.?

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බවයි.

ඊයේ (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම උත්සවය සංවිධානය කර තිබුනේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය විසිනි.

රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් තිබේනම් කිසිවෙකු සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවසඳහන් කළ අමාත්‍යවරයා සියළු ජනතාවට ප්‍රතිලාභ ලැබිය හැකි එවැනි ආර්ථිකයක් ගොඩ නැඟීමට රජය බලාපොරොත්තු වන බවත් ඒ හරහා ක්‍රමානුකූලව සහනාධාර සංස්තිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් සඥහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.