Image

මහා පාපයක්ද.? මහින්ද වෙනුවෙන් සජබ ආණ්ඩුව එකට හැපෙයි.!

කොළඹ සජබ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවැසුවේ ලාංකික ජනතාවට නිදහස භුක්ති විඳීම සඳහා දායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබා දීම පවක් නොවන බවයි.

ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ, යුද්ධයට සම්බන්ධ වුණ හමුදාපතිවරුන්ට ඉඩම් ලබා දීමට හැකියාව ඇත්නම් නම් යුද්ධය නිමා කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන් නායකයාට නිවසක් ලබාදීම පාපයක්ද යන වගයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, හිටපු ජනාධිපතිවරු රාජ්‍ය දේපළ අවභාවිත කර තිබේ නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවු‍ලේ අය වරදක් කර ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ය.

එවැනි කාරණා සඳහා සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විරුද්ධ නොවන බවත් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනයට කිසිසේත් එකඟ නොවන නමුත් රටේ ජනතාව වෙනස කරා යොමු කළ නායකයා මහින්ද රාජපක්ෂ බව ඔහු අවධාරණය කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.