Image

හිටපු ජනාධිපතිවරුන්ට සලකන ආකාරය දේශපාලන පළිගැනීමක් නෙමෙයි..!

හිටපු ජනාධිපතිවරුන් පිළිබඳ කටයුතු කරන ආකාරය මැතිවරණයට පෙර ම තමන් ජනතාවට ප්‍රකාශ කළ බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

“හිටපු ජනාධිපතිවරුන්ට ලබා දිය යුතු පහසුකම් මොනවාද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න අපි ඡන්දෙට කලින් ඉඳලාම කිව්වා.

ජනතාව බලාපොරොත්තු වෙනවා, අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා. ඒ දේශපාලන පළිගැනීමක් නෙවෙයි. අපි කී එකක් මේ කරන්නේ.”

නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය හමුවක් අමතමිනි.

TRENDING POST