Image

දුරකතනයට ප්‍රතිචාර දක්වන්න… ජනපති මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි…!

හැකි සෑම අවස්ථාවකදීම ලැබෙන දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා මැති ඇමතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනතාවගෙන් ලැබෙන දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වා ඔවුන්ගේ ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔහු දැනුම් දී ඇත.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට එල්ලවන චෝදනා මත ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

TRENDING POST