Image

BMW වලට පයින් ගසා TATA වෙනුවට A/C දුන් පුනරුද සභාපති.!

තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, විකුණා දමා ඉන් ලැබෙන මුදලින් වායුසමනය කළ බස් රථ දෙකක් සේවක ප්‍රවාහනය වෙනුවෙන් මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා තීරණය කර තිබේ.

මෙම රථයේ වර්තමාන වටිනාකම වන්නේ රුපියල් මිලියන 52ක් වන අතර මේ රථය ධාවනයෙන් ඉවත් කළ විට සිදු වන්නේ එහි එයි සංවේදක (සෙන්සර්) අක්‍රිය වී විශාල වියදමක් දැරීමට සිදුවීමත් භාවිත කළ විට අධික ඉන්ධන පරිභෝජනයක් දැරීමට සිදුවීමත් හේතුවෙන් කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපති ඩී.ජේ රාජකරුණා මහතා එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබේ.

අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්)ය. මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 04ක් පමණි.

මේ වනවිට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් (රු. 6,770,349) වැය කර තිබේ.

එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතු බවද පැවසේ.

මෙම රථය විකුණා දැමීම හරහා සංස්ථාවට විශාල වැය බරක් අඩු වනු ඇති අතර බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් බව වාර්තා වේ.

එම කටයුතු සඳහා ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව පසුගිය සිකුරාදා ඉදිරිපත් කර ඇති අතර එම කටයුතු කඩිනමින් සිදුකිරීමට අවධානය යොමුවී ඇත.

මේ වනවිට සේවක ප්‍රවාහනයට යොදා ඇති ටාටා බස් රථ වසර 10කට වඩා පැරැණි වන අතර මිල දී ගැනීමට යෝජනා කර ඇති බස් රථ දෙක පූර්ණ වායුසමනය කළ ජපන් බස් රථ වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.