Image

වසර 3ක් බිම තැබූ මොණරෙක් යළි පියාඹයි.. තවත් දෙකකට කඩිනමින් පියාපත්.!

ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ මසකට ඩොලර් ලක්ෂ 9 බැගින් ගෙවමින් වසර 03ක් පුරා නවතා දමා තිබෙනා ගුවන් යානා 3න් එකක් මේ වනවිට යළි පිළිසකර කර මෙහෙයුම් සඳහා සූදානම් කර ඇති බවයි.

එමෙන්ම තවත් එවැනි යානා 2ක් අප්‍රේල් මාසයට පෙර ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ශ්‍රීලංකන් ගුවන් සමාගම වහලා, විකුණලා, විනාශ කරලා තිබුණේ.  ඒ වගේම මගේ දැනීමේ හැටියට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා තුනක් අවුරුදු 03ක් තිස්සේ ග්‍රවුන්ඩ් කරලා තිබුණා එන්ජිම නැතුව. අවුරුදු 03ක් තිස්සේ මාසයකට ඩොලර් ලක්ෂ 09 ගාණේ යානා බිම තියාගෙන ගෙව්වා රනිල් ලාගේ පසුගිය ආණ්ඩු. එහෙම තමයි ඒ අය හොඳටම කළේ.

ගනේගොඩ මහතා ඇතුළු අලුත් නායයෝ ඇවිල්ලා ඒ අය යම් ආකාරයකට මුදල් හොයාගෙන බිම තියෙන යානාවලින් එකක් දැනට ඔපරේට් වෙනවා.

තව දෙකක් ඒ අය අප්‍රේල්වලට කලින් ඔපරේට් කරන්න යනවා. ඉතින් ඒ නිසා ඒ අය ශ්‍රීලංකන් ගුවන් සමාගම විකුණන්නේ නැතිව ඉදිරියට යන්න සැලැස්මක ඉන්නේ.” 

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.