Image

බොරුවෙන් බලයට එන පාලකයන් ආපසු කැඳවීමේ ක්‍රමයක් රටට අවශ්‍යයි…! – සජිත්

බොරු පොරොන්දු දී බලයට පැමිණි පසු ඒ පොරොන්දු ක්‍රියාත්මක නොකරන අකාර්යක්ෂම මහජන නියෝජිතයින් ආපසු කැඳවීමේ හැකියාව ඇති ආණ්ඩු ක්‍රමයක් ගැන සිතිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“අද පුරවැසියන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔවුන්ට පහුගිය අවුරුද්දේ වැදුණා. ඒ වැරදීම තුළ ලොකු හිඩැසක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට පුළුවන් ඒ හිඩැස පුරවන්න. විශේෂයෙන්ම අපි හිතන්නට ඕනෙ මේ බලයේ ඉන්න කණ්ඩායමට වැඩි දෙයක්.

දෙවැනි පොදු මන්ත්‍රී මණ්ඩලයක් පිළිබඳව ලෝකෙත් කතාවෙලා තිබෙනවා, සමහර රටවල්වල ක්‍රියාත්මක කරලාත් තිබෙනවා. ඒ පිළිබඳව සමාජයේ යම් කතාබහකුත් තිබෙනවා.

බොරු පොරොන්දු දීලා බලය ගත්තායින් පස්සේ ඒවා ඉෂ්ට නොකරන අකාර්යක්ෂම මහජන නියෝජිතයින් නැවතත් කැඳවීමේ ආණ්ඩු ක්‍රමයක් ගැනත් අපට හිතන්නට පුළුවන්. රිකෝලින් සිස්ටම් කියලා ඒ සිස්ටම් එක ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා.

අපි හැමෝම එකට එකතුවෙලා ෆීනික්ස් පක්ෂියා මෙන් ශක්තිමත්ව නැඟී සිටිමු. අපට කණ්ඩායමක් ලෙස නැවත ගොඩනඟාගැනීමට සහ සාර්ථක වීමට හැකි බව අපි විශ්වාස කරනවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඊයේ (26) කොළඹදී පැවැත්වූ වැඩමුළුවක් අමතමිනි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.