Image

මින් ඉදිරියට හැඳුනුම්පතකට එක අසුනයි.!

මින් ඉදිරියට හැඳුනුම්පත පරීක්ෂා කිරීමෙන් පසුව දුම්රිය ආසන වෙන් කර ගත් අයට පමණක් ආසන ලබාදෙන බවත් ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර වංචාව මැඬලීම සදහා මෙම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සදහන් කරයි.

දැනට කෙරෙන ඔන්ලයින් වංචාව අවම කිරීම සදහා කඩිනම් පියවරක් ලෙස මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් එක් මගියකු සදහා ඇල්ල ඔඩිසි දුම්රියේ ප්‍රවේශ පත්‍ර 5ක් අලෙවි කෙරෙන්නේ ඔවුන්ගේ පවුලේ සියලු දෙනාගේ ගමන් පහසුව සදහා බවද සදහන් කරයි.

එසේ ලබාගත් ප්‍රවේශ පත්‍ර වෙනත් අයකු අතට පත් නොවීම සදහා මෙම පියවර ගත් බවත් අදාළ දුරකථන සමාගම සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ක්‍රමවත් වැඩපිළිවෙළකට යන තුරු මෙම ක්‍රමවේදය අනුගමනය කිරීමට දුම්රිය නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහන් කරයි.

දැනට සංචාරකයන්ගේ තදබදය හා ඇල්ල ඕඩිසි දුම්රියට ඇති මගී ආකර්ෂණය වැඩි කර ගැනීම සදහා අමතර දුම්රියන් 2ක් ධාවනය කරවීමට පියවර ගත් බවත් ඒ අනුව බදුල්ල සහ ඇල්ල දක්වාත්, ඇල්ල සිට බදුල්ල දක්වාත් මෙම දුම්රිය පෙබරවාරි (10) වැනිදා සිට ධාවනය කරන බවද සදහන් කරයි.

එහි එක් අවසර පතක් රුපියල් 7,000ක් වන අතර ඒ තුළින් රුපියල් ලක්ෂ 7ක් එක් ගමනාන්තයකදී අපේක්ෂා කරන බව, දුම්රිය මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.