Image

ලොකු ගංවතුරක්.. රනිල් නිමල් දිලිත් එකම කොටේ නගියි.!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් එකට එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී 27 වනදා මෙම පක්ෂ තුනේ නියෝජිතයන් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සර්ව ජන බලය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.

පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇති අතර මේ කාරණය සම්බන්ධයෙන් මෙම නියෝජිතයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද සාකච්ඡා පවත්වා තිබිණ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.