Image

වපරැහින් බලන අයගේ ආකල්ප වෙනස් කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා.!

ආබාධිත පුද්ගලයෙක් දුටුවාම මහ මග දමා යන, ආබාධිත ගැබිනි කාන්තාවක් බසයට ගොඩ වූ විට අහක බලාගන්න මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් සිදුකිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන කාර්යයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සදහන් කරයි.

මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සදහන් කළේ,

“ක්ලීන් ශ්‍රී ලංකා යටතේ සිදුවන්නේ පරිසරයේ වැඩ පමණක් නෙවෙයි. මිනිස් මනසත් ක්ලීන් කරනවා. සමාජයේ අපවිත්‍ර කරණයට ලක්වීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හොඳින්ම දැක්කා.

මේක එක ක්ෂේත්‍රයක නෙවෙයි සෑම සියලු ක්ෂේත්‍රයකටම බලපාන කාරණාවක්. මේක ශ්‍රී ලංකාවේ මුළු මහත් සමාජයම වැලඳගත් වැඩසටහනක්. ආබාධිතයන් බස් එකට නොගෙන මග දාලා යන බස් සේවයක් තමයි අද අපේ රටේ තිබෙන්නේ.

විවෘත ආර්ථිකය විසින් කාලකණ්ණි ලෙස මේ රටේ ආචාර ධර්ම විනාශ කළා. මේ ආචාර ධර්ම පද්ධතිය යළි නගා සිටු විය යුතු නැද්ද.? එහෙම කළොත් විතරයි මේ සමාජය ගොඩනැගිය හැක්කේ.

ලක්ෂ දාහතකට අධික ආබාධිත පිරිසක් ඉන්නවා. අධ්‍යාපනයට වෘත්තියකට ප්‍රවේශය තිබුණට ඊට අවශ්‍ය වටපිටාව නැත්නම් ඒ අය අතරමං වෙනවා.

අපේ රටේ ආබාධිතකාන්තාවක් දරුවෙක් වඩාගෙන බස් එකකට නැග්ගොත් ඇතැමුන් බනිනවා. ආබාධිතවෙලත් දරුවෙක් හැදුවේ ඇයි කියලා අහනවා. මේ විදිහට හිතන සමාජයේ ආකල්ප වෙනසක් කළ යුතුයි.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.