Image

විමල්ගේ පක්ෂයේ පැටිකිරිය.. රජයේ වාහන අවභාවිත කරලා.!

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ජුනි (25) වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අධිකරණය හමුවේ පෙනී නොසිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දැනුම් දුන් අතර ඉදිරි දිනයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව ඇප මත සිටින, ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, සරත් වීරවංශ, සේනාරත්න ද සිල්වා ඇතුළු පිරිස අධිකරණයේ පෙනී සිටියහ.

TRENDING POST