Image

රජයෙන් කෝටි 500යි.. සහල් ආනයනය නවතී.!

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්තාවේදී මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු සදහන් කළේ, සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බවයි.

වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලයට ලබාදීමට නියමිත රුපියල් කෝටි 500ක මුදල ඵලදායී ලෙස යෙදවීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව කාරක සභා සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ දැනුම් දුන්නේය.

ජාතික විගණන කාර්යාලයේ 2025 වාර්ෂික කාර්ය සාධන වැඩසටහන අධ්‍යයනය කරමින් එම වැඩසටහන තවදුරටත් ඵලදායි කිරීමට යෝජනා ඉදිරිපත් කර වාර්තා සැකසීමට අනුකමිටුවක් පත් කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහිදී තීරණය කර ඇත.

TRENDING POST