කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙයි.
මෙම විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
මෙහි පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවතිනි.
එම තරගය කඩුලු 10කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.