මෙම මස අවසන් වන විට පෞද්ගලික වාහන මෙරටට ගෙන්වීම ආරම්භ වන බව වෙළෙඳ, වාණිජ සමුපනාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
නැවත වාහන ගෙන්වීමට වෙළෙඳපොළ විවෘත කිරීමත් සමඟ නිවෙස් වල ඇති වාහන අඩුවට ගැනීමට ඇතැමුන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි.
ගෙදර නිවෙස් වල ඇති වාහනවල වටිනාකම අඩු නොවන ලෙස බදු අනුපාතයන් තීරණය කර ඇති බවද ඔහු කියා සිටියි.
නැවත වාහන වෙළෙඳපොල මාෆියාවල් ඇති නොවීමට සියල්ල තීරණය කර ඇති බවත් ඒ මහතා කියා සිටියි.

