Image

පොලිස්පති නමින් එක අත්සනක් ගහල බලන්න.. වෙනදේ බලාගන්න පුලුවන්.!

මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසා සිටියේ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය හැකිනම් ඉන් පිටතදී සිදුකරනා ලෙසයි.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි නිල රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.

“වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයට යන්නේ බල්ලා නාවන්න අරගෙන යනවා වගේ. විශේෂයෙන්ම ඔහු විවිධ අවස්ථාවල දී උත්සාහ කරමින් සිටියා මැතිවරණයට මුහුණ නොදී කොහොමද තමන්ගේ බලය ශක්තිමත් කර ගන්නේ කියලා.

සමාජය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට මේ පොලිස්පතිවරයා පත් කිරීම මඟ හරිමින් සිටියා. මීට පෙර පවසා සිටියා මැතිවරණයක් තියන්නෙත් නෑ තියන්න ඡන්දෙකුත් නෑ කියලා.

ඒ වගේම ප්‍රකාශයක් නැවතත් සිදුකරමින් කියනවා පොලිස්පතිවරයෙක් පත් කරන්නෙත් නෑ පත් කරන්න පුරප්පාඩුවකුත් නෑ කියලා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ විස්තරයක් කරා. අපි දිනේෂ් ගුණවර්ධන අභියෝග කරනවා අද ඔය කියපු කතාව පුළුවන් නම් එළියෙ ගිහින් කියන්න.

ඒ වගේම අපි දේශබන්දු ට කියනවා ටෙලිෆෝන් පණිවිඩයකට චක්‍රලේඛනයකට, පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන නියෝගයකට පොලිස්පති දේශබන්දු කියලා පුළුවන් නම් ඒක අත්සනක් ගහල බලන්න. මොකක්ද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.