Image

එක කොටේ පැටවෙන ජොකියොන්ට නලින්දගෙන් ඉතිහාස පාඩමක්.!

අරගලයෙන් වන්දි ලබාගත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අනාවරණයක් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ විපක්ෂ කණ්ඩායම් සන්ධානගත වීමට සාකච්ඡා පවත්වන්නේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට නොවන බවයි.

ආණ්ඩු​වේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා ඔවුන් මෙලෙස සන්ධානගතවීම ගැන සාකච්ඡා පවත්වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා හෙළිකිරීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ කාමර තුළ සාකච්ඡා කරමින්, අදාළ සන්ධානගතවීම් සිදුවන්නේද වන්දි ලබාගත් පිරිස සමඟ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

කෙසේ සාකච්ඡා පැවැත්වුව ද, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස්කර ජනතාව​ට සාධාරණයක් ඉටුකිරීම වත්මන් ආණ්ඩුව නතර නොකරන බවත්, ජනතාව ගෙවන සෑම බදු මුදලකට​ම ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසීය.

ජනතාව බලය ලබාදී ඇත්තේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට බවත්, එය වෙනස් කිරිමට කටයුතු කරන බවත්, එයට කෙසේ බාධා කළද එය නැවැත්වීමක් සිදු නොකරන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ ක​ළේ.

TRENDING POST