Image

විශ්‍රමික මහත්වරුන් යළි සේවයට.!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අවුරුදු 65ට අඩු විශ්‍රමික රියැදුරන්, කොන්දොස්තරවරුන් යළි සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇත.

සේවක හිඟයට පිළියමක් ලෙස මෙම තීරණයට එළැඹී බවත් ඒ සදහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බවද ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සදහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන තවදුරටත් සදහන් කළේ, කොන්දොස්තර හා රියැදුරු පුරප්පාඩු හේතුවෙන් ලංගම සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බාධා මතුව ඇති බවයි.

TRENDING POST