Image

ගිනි බත් වූ ගේ දොර කෝටි ගණනින් තක්සේරු වූ හැටි හෙළිවෙයි.!

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ප්ලාස්ටික් ශල්‍ය ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ අරගලයේදී තම ගෙවල් ගිනිබත් වූ බව පවසමින් රජයෙන් අසීමිත වන්දි මුදල් මෙන්ම රක්ෂණ වන්දි ද ලබාගත් මන්ත්‍රීවරු පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි.

ඉදිරියේදී ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව පැවසූ අමාත්‍යවරයා එම මන්ත්‍රිවරු සිය වත්කම් බැරකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලබාදී ඇති තොරතුරු මත එතරම් විශාල වන්දි ගැනීමට තරම් වත්කම් තිබුණේද යන්න සොයාබැලිය හැකි බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය මත ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ ලිපියක් හරහා වන්දි තක්සේරු නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරු පාර්ලිමේන්තුවට කැඳවා ලබාදුන් උපදෙස් මත මෙම වන්දි තක්සේරු කිරීම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එම වන්දි තක්සේරු කිරීම් සිදුකළ නිලධාරීන් විසින් තමන්ට කරන ලද බලපෑම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.