Image

යුනයිටඩ් පෙට්‍රෝලියම් ඉන්ධන අලෙවිය නවතා දමයි.!

රට තුළ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම විසින් නවතා දමා ඇති බව වාර්තා වේ.

පසුගිය රජය විසින් විදෙස් සමාගම් වලට රට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට අවසර දුන් අතර එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබාදුන්නේය.

කෙසේ වෙතත් මේ වනවිට චීනයේ සයිනොපෙක් සමාගම සහ අමෙරිකාවේ ආර්.එම්.පාක්ස් සමාගම ගැටලුවකින් තොරව රට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදු කරයි.

ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම අදාළ ගිවිසුමේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිටම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව සඳහන් වේ.

පසුගිය රජය සමග ඇතිකරගත් ගිවිසුමට අනුව වසර 20කට ආසන්න කාලයක් එම සමාගමට රට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළ හැකි වුවද ඔවුන් වසරක් ගතවීමට ප්‍රථම මෙහෙයුම් කටයුතු නතර කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.