Image

අනුරගේ මංගල අයවැයෙන්ම බිලියන 2760ක කැපිල්ලක් ගැන තොරතුරු.!

2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (17) දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙවර අයවැයෙන් 2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර 31 දක්වා වූ කාළසීමාව සඳහා රජයේ වියදම ලෙස රුපියල් බිලියන 4218ක් ඇස්තමේන්තු ගතකර ඇති බව වාර්තා වේ.

ගෙවීගිය 2024 වසරේ රජයේ සමස්ථ වියදම ලෙස ඇස්තමේන්තු කර තිබූ මුදල වූයේ රුපියල් බිලියන 6978කි.

ඒ අනුව මේ වසර සමඟ සැසඳීමේදී රජයේ වියදම රුපියල් බිලියන 2760ක් කපා හැර ඇති බව වාර්තා වෙයි.

අය-වැල ලේඛනයේ සකස්කිරීමේ අවසන් අදියරේ පූර්ව අවසන් සාකච්ඡාවක් ජනපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13වනදා ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුණි.

ඒ සඳහා මැති ඇමතිවරු මෙන්ම ජනාධිපති ලේකම් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

රටේ ඉදිරි ආර්ථික ඉලක්ක සපුරාගැනීම සඳහා වන යෝජනා මෙන්ම රටේ සියළු ජනකොටස් ආර්ථික ක්‍රියාවලියට ඇතුළත් කරගැනීම සඳහා වූ යෝජනාද මෙවර අය-වැය සඳහා ඇතුළත්වනු බව වාර්තා වේ.

එමෙන්ම රජයේ බදු ආදායම ඉහළනැංවීම කෙරෙහිද මෙවර අයවැයේ විශේෂ අවධානයකට ලක්කර ඇති බව සඳහන්.

TRENDING POST