සඳුදා දින සිට සිකුරාදා දක්වා පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ පාරිසරික ගැටලු ඉදිරිපත් කිරීමට නව WhatsApp අංකයක් හඳුන්වාදී ඇත.
ඒ අනුව 076 6412029 යන වට්සප් අංකයට කෙටි පණිවුඩ ලෙස පරිසර ප්‍රශ්න යොමු කළ හැකි බවත් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් මෙම අංකය හඳුන්වා දුන් බව පරිසර අමාත්‍යාංශය සදහන් කරයි.
නව WhatsApp අංකයට ගැටලු ඉදිරිපත් කළ හැකි අතර එම ගැටලු පරිසර අමාත්‍යාංශය විසින් අදාළ ආයතන වෙත යොමු කර කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරයි.