Image

මොනරාගල රෝහල් උත්සවයට නි. ඇමති කඩා පනී… නිලමෙගේ මුල්ගල තියා බලෙන් සභාව අමතයි…!

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මොනරාගල දිස්ත්‍රික් රෝහලේ නව තෙමහල් හෘද රෝග ඒකකයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාවට ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් නායකයා වන වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන බලහත්කාරයෙන් පැමිණ ඇතැයි වාර්තා වෙයි.

16 පෙරවරුවේ පැවැති මෙම උත්සව අවස්ථාවට කිසිදු දේශපාලනඥයකුට ආරාධනා කර නොමැති අතර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, මෙම ඉදිකිරීම් කටයුත්තට ශ්‍රම දායකත්වය සපයන යුධ හමුදාව වෙනුවෙන් බ්‍රිගේඩියර්වරයකු ඇතුළු පිරිසක් සහ රෝහලේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

කෙසේ වුව ද බලහත්කාරයෙන් එහි කඩා වැදුණු නි. ඇමති ආර්. එම්. ජයවර්ධන, අදාළ රෝහල් ගොඩනැඟිල්ල සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට සූදානම් කර තිබූ මුල් ගල ද තබා න්‍යාය පත්‍ර යේ නොතිබුණ ද සභාව අමතා අදාළ ඉදිකිරීම අවප්‍රමාණ කරමින් කතාවක් ද සිදුකර නික්ම ගොස් තිබේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.