Image

ජල සැපයුම සීමා වෙයි.!

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති විය හැකි බවයි.

මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සම සේ බෙදාහැරිය යුතු බැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කොට අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, මෙවැනි තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වුවත් මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණදීමට සිදු වී තිබෙන අපහසුතාවයන් අවම කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය උපරිමව කටයුතු කරන අතර මෙම අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.

විමසීම් – 1939 ඇමතුම් මධ්‍යස්ථානය

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.