Image

වැඩි කළ පඩි මදි.. වෘත්තීය සමිති කෙඳිරි ගායි.!

රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය හමුවක් පවත්වමින් පවසන්නේ රාජ්‍ය සේවකයන් රුපියල් විසිදහසකින් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියදී, අයවැය තුළින් රුපියල් පන්දහසක් ලබාදීමට කටයුතු කිරීම රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු සුන්කිරීමක් බවයි.

ඒ අනුව වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මහජන නියෝජිතයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ලෙස කටයුතු කරන අවස්ථාවේදී පවා රුපියල් විසිදහසකින් වැටුප් වැඩිවිය යුතු බවට අරගල කළ බව එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා පවසයි.

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් හතළිස්දහසක් දක්වා ඉහළ දමන බවට සඳහන් කළත් අදාළ කටයුතු සිදුවන්නේ දැනට ලබා දෙන අතුරු දීමනාව හා විශේෂ  දීමනාවලින් කොටසක් මූලික වැටුපට එකතු කරමින් බවත් වෘත්තීය සමිතිවල ඉල්ලීම් වී තිබුණේ රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් හතළිස්දහසක් දක්වා සෘජුවම වැඩි කරන ලෙස බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.