Image

ජාතික තරුණ සේවා සභාව ලක්ෂ 150ක වියදමින් අම්පාරේ වීරසිංහ ජාතකය පෙන්නලා.!

ජාතික තරුණ සේවා සභාව විසින් පොසොන් උත්සවය මුල් කරගනිමින් අම්පාර ප්‍රදේශයේ පැවැත්වූ බෞද්ධ වැඩසටහනකදී ඩිජිටල් තොරණ, 18 සන්නිය නැටීම ඇතුළු විවිධ වැඩසටහන් සඳහා මිලියන 15ක මුදලක් වියදම්කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

එම වැඩසටහන සඳහා හිටපු පා.ම W.D වීරසිංහ මහතා සභාපතිත්වය දරනා WD වීරසිංහ පදනමේද නිෂ්චිතව අනාවරණය නොවූ සම්බන්ධයක් පැවති බව කෝප් කමිටුව හමුවේ පිළිතුරු ලබාදෙමින් ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පැවසූහ.

කෙසේවෙතත් කිසිදු දේශපාලන නියෝජිතයෙකු හෝ කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව ජාතික තරුණසේවා සභාව එම වැඩසටහන සඳහා මුදල් නොයෙදූ බව තරුණ සේවා සභාවේ ජේෂ්ඨ නිලධාරීන් පැවසූ නමුත් කෝප් කමිටු සාමාජික පා.ම ජගත් මනුවර්ණ මහතා එම තොරනේ කෙටි වීඩියෝ පටයක් සිය ජංගම දුරකථනයෙන් විකාශය කළේය.

එම වීඩියෝ පටයේ සටහන්ව තිබුනේ අදාළ තොරණා කතා වස්තුව ලෙස කවියෙකු විසින් හිටපු පා.ම WD වීරසිංහ මහතාගේ ගුණ ගායනා කරනා ආකාරයයි.

කෙසේවෙතත් ජාතික තරුණසේවා සභාවේ සිදුව ඇති කෝටි ගණනක මහජන මුදල් අවභාවිත කිරීමේ ව්‍යාපෘති රැසක් මෙම දින කිහිපය තුළ පැවැත්වූ කෝප් කමිටු සභා රැස්වීම් වාරයන්හිදී අනාවරණය විය.

එම වංචා දූෂණ සඳහා වහාම නීති කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, අදාළ දූෂණයන් සිදුකර ඇති නිළධාරීන් මෙන්ම දේශපාලන අධිකාරිය සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර දඬුවම් පැමිණවීමටත් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ මූලිකත්වයෙන් නිර්දේශ විය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම් මහතා, සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, සුජීව දිසානායක, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.