Image

බරපතළ සමාජ ගැටලුවකට රජයෙන් විසදුම්.!

නව යොවුන් වියේ පසුවන්නන් අතර සියදිවි නසා ගැනීම් පිළිබඳ අවාසනාවන්ත සිදුවීම් රාශියක් අත්විඳිමින් සිටින බැවින් එම ගැටලුවේ බරපතළකම සමාජ ගැටලුවක් ලෙස රජය හඳුනා ගෙන ඇත.

එබැවින්, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය සමග සහයෝගයෙන් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සදහා දැනුවත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීමට මධ්‍යකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා 2025 වසරේ රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට රජය යෝජනා කර ඇත.

මේ අතර ආබාධ සහිත පුද්ගලයන්ට සහායක උපකරණ ඉතා වැදගත් බැවින් සියලු පළාත්වල එම උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමේ පහසුකම් පුළුල් කිරීමට පුළුල් වැඩසටහනක් අවශ්‍ය බව රජය අවබෝධ කරගෙන ඇත.

ඒ අනුව 2025 වසරේදී මේ සදහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට රජය යෝජනා කර ඇති අතර පළමුවෙන් රාගම රක්ත වේදය සහ පුනරුත්ථාපන රෝහලේ සහායක උපකරණ නිෂ්පාදන පහසුකම ජාතික මධ්‍යස්ථානය ලෙස පුළුල් කිරීමට අපේක්ෂා කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.