Image

ආරක්ෂක ප්‍රධානීන් රැස්වෙයි.. රටේ අස්ථාවර තත්වයක් ඇති කිරීමේ සැලැස්මක් ගැන බුද්ධි තොරතුරු.!

ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක ලේකම්, වැඩබලන පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රටේ වත්මන් ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට පැවැත්වේ.

එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්න මහතා පැවසූවේ පසුගිය දශකයක පමණ කාලසීමාවක් තුළ මෙරට සිදුවූ විශාල අපරාධ සබන්ධයෙන් වන විමර්ශන බොහොමයක් මේ වනවිට සාර්ථකව සිදුවෙමින් පවතින බවත් ඒ හරහා මෙතෙක් අනාවරණය නොවූ ඇතැම් පැතිකඩ සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි.

එම විමර්ශන ආරම්භවී සාර්ථකව ඉදිරියට කරගෙන යමින් තිබෙනා පසුබිමක ඇතැම් පාර්ශව වෙත එල්ලවී ඇති තර්ජන හේතුවෙන් එම විමර්ශණ අඩපණ කිරීම සඳහා රටේ අස්ථාවර තත්වයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් එහිදී රවී සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.