ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොදුජන පෙරමුණ පක්ෂයේ බැසිල් රාජපක්ෂ අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව වාර්තා වේ.
එළඹෙන ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණ පක්ෂයට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.
පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්, පලාත් සභා සදහා සියයට 35ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40ක් බැගින් කෝටාවක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට ලබාදීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇති බව වාර්තා වේ.
එහෙත් බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන සදහා සියයට 90ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සදහා සියයට 70ක් බැගින් ඉල්ලා ඇති අතර ඒ යළිත් හෙට (28) දිනයේ ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වේ.