Image

අපි ඉන්ධන ඇනවුම් කරන්නේ නෑ… ආණ්ඩුව බලෙන් අපට තෙල් දෙනවා… අපි බෙදන්නේ ඒ තෙල්…! – ඉන්ධන බෙදුම්කරුවෝ

දෛනික ඉන්ධන ඇනවුම මෙන් දෙගුණයක ප්‍රමාණයක් ඊයේ දිනයේ නිකුත් කරන ලද බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

එම නිසා රට තුළ කිසිදු ඉන්ධන හිගයක් ඇතිවීමේ ඉඩක් නැතැයි එහි සභාපති ඩී.ජේ. රාජකරුණා අවධාරණය කරයි.

කෙසේ වුව ද අසත්‍ය ප්‍රචාරවලට බියේ ජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත ගියොත් ගැටලුවක් මතුවනු ඇති බව ද හෙතෙම කියා සිටියි.

මේ අතර ඉන්ධන බෙදුම්කරුවන් සඳහන් කරන්නේ තෙල් ඇනවුම් ලබා නොදුන්නද තෙල් සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොග එවා ඇති බවයි.

ඒ අනුව එසේ එවන ඉන්ධන තොග බෙදා හැරීමට කටයුතු කරන බවත් සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

TRENDING POST